පොලී අනුපාත ඉහළ යාමේ නරක ප‍්‍රවණතාවක් ඇති රටවල් අතර ශී‍්‍ර ලංකාවද සිටින බව මඞීස් ජාත්‍යන්තර අයෝජන සේවා සමීක්ෂණ ආයතනය පවසනවා. ඊට හේතුව ලෙස ඔවුන් පෙන්වා දී ඇත්තේ රටතුළ ඇති විදේශීය සංචිත ඉක්මවා ණය ආපසු ගෙවීමට සිදුව තිබීමයි.
මේ අතර රුපියලේ අගය අවප‍්‍රමාණය වීමද ශී‍්‍ර ලංකාව මේවනවිට මුහුණ දී තිබෙන ප‍්‍රමුඛ ආර්ථික අභියෝගයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. රුපියලේ අගය රැක ගැනීම සඳහා විවිද කෙටි කාලීන උපක‍්‍රම ගනු ලැබ ඇතත් ඒවා අසාර්ථක වී තිබෙන බවයි නෙත් නිවුස් අද (25) දහවල් 12 ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයේදී කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය සිරිමල් අබේරත්න පෙන්වා දුන්නේ.
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකිණුම් අගය ඊයේ (24) සටහන් වූයේ රුපියල් 162.11ක් ලෙසයි.