Thursday, January 16, 2025

General line - 0115112241

වැලිකඩ කාන්තා රැඳවූවෙකු මියයාම ගැන සැකයක්

ඩිල්ෂාන් මඩවල




වැලිකඩ බන්ධනගාරයේ රඳවා සිටි කාන්තා රැඳවූවෙකු හදිසියේ මියයාම සම්බන්ධයෙන් වහාම පොලිස් පරික්ෂණයක් සිදු කළ යුතු බව සිරකරු අයිතීන් සුරැකීමේ කමිටුව පවසනවා. 

මෙම කාන්තා රැඳවූවා මියගියේ ඊයේ (24) පස්වරුවේයි. ඉකුත් දා වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාව අවස්ථාවේ සිදුවූ පහරදීමක් ඊට හේතු වන්නට ඇතැයි සිරකරු අයිතීන් සුරැුකීමේ කමිටුව සැකපළ කළා. මේ, එහි සාමාජිකා ශමිලා ලියනාරච්චි.

කෙසේවෙතත් බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය පැවසුවේ වැලිකඩ බන්ධනගාරයේ කාන්තා රැඳවූවෙකු ඊයේ මියයාම සහ එහි මීට පෙර ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ කිසිඳු සම්බන්ධතාවක් නොමැති බවයි.