Thursday, May 2, 2024

General line - 0115112241

කාලිංග මීටර් 400 අවසන් තරගයට සුදුසුකම් ලබයි

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




18  ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට කාලිංග කුමාරගේ මීට සුලු මොහොතකට පෙර සමත් වුණා. ඒ 2 වන අවසන් පූර්ව තරගයේදී තත්පර 46.21ක දක්ෂතාවක් වාර්තා කරමින්. ඔහු තරගයේ 3 වන ස්ථානනය දිනා ගනු ලැබුවා. 

පළමු අවසන් පූර්ව තරගයට එක් වූ අරුණ දර්ශනට අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වූයේ නැහැ. ඔහුට පළමු අවසන් පූර්ව තරගයේදී හිමි වූයේ 3 වන ස්ථානයයි. තරග නිමි කාලය 46. 53ක් ලෙස සටහන් වුණා.