Friday, May 3, 2024

General line - 0115112241

අයිසිසි ලෝක කුසලානය සැප්තැම්බර් 20 ශ්‍රී ලංකාවට

දිනුක් හේවාවිතාරණ




2019 වසරේදී එංගලන්තයේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය නිමිත්තෙන් එම ශුරතාවය ලොව පුරා සංචාරය කිරීමේ වැඩසටහන අගෝස්තු මස 27 වනදා ඩුබායි හි පිහිටි අයිසිසි මුලස්ථානයෙන් ඇරඹීමට නියමිතව තිබෙනවා.

ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයට  ක්‍රීඩා නොකරන රටවල් වලද මෙවර අයිසිසි ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමට පියවර ගෙන ඇති බවයි අයිසිසිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටින්නේ. ඒ අනුව නේපාලය, අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් 11 කට ලෝක කුසලානය රැගෙන යාමට නියමිතයි.

මෙවර ලෝක කුසලානය රටවල් 21 ක පිහිටි නගර 60ක ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. අයිසිසිය සදහන් කරන්නේ ප්‍රධාන නගර වලට අමතරව පාසැල්, ක්‍රිකට් ලෝලීන්ගේ නිවාස, විශ්ව විද්‍යාල ඇතුළු බලාපොරොත්තු නොවන ස්ථාන වල ලෝක කුසලානය ප්‍රදර්ශණය කිරීමට සංවිධායකයින් කටයුතු කරනු ඇති බවයි. 

අගෝස්තු 27 වනදා ඩුබායි සිට ආරම්භ කිරීමට නියමිත ලෝක කුසලාන ලොව වටා සංචාරය පිළිවලින් ඕමානය, අමෙරිකාව, බටහිර ඉන්දීය කොදෙව් දුපත්, ශ්‍රී ලංකාව, පාකිස්ථානය, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව, නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, රුවන්ඩා, නයිජීරියාව, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, ජර්මනිය සහ අවසානයේ පෙබරවාරි මස 19 වනදා බ්‍රිතාන්‍යට පැමිණීමට නියමිතයි.

මේ අනුව සැප්තැම්බර් මස 20 සහ 21 යන දිනවල කොළඹදී සහ සැප්තැම්බර් මස 24-27 දිනයන්හි හික්කඩුව සහ ගාල්ලේදී අයිසිසි ලෝක කුසලානය ප්‍රදර්ශණය කිරීමට නියමිත බවයි අයිසිසි වෙබ් අඩවිය සදහන් කරන්නේ.