ආණ්ඩුව ඉදිරිපත් කරන මීළඟ අයවැය පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂය පාර්ශව කිහිපයක් සමග රහස් සාකච්ඡා ආරම්භ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ති‍්‍ර ෂෙහාන් සේමසිංහ පැවසුවේ ආණ්ඩුවේම ඇතැම් සාමාජිකයින්ද මෙම සාකච්ඡාවලට සහභාගී වන බවයි.
මේ වන විටත් පාර්ශව කිහිපයක් අප සමග සාකච්ජා කරමින් සිටිනවා ඔවුන් කොහොමද ඉදිරි අයවැයේදී කටයුතු කරන්නේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පිරිස් මෙයට එකතුවී නැහැ. නමුත් ගමට යන්න විදිහක් නැතුව මේ ආණ්ඩුවේ ගමන ගැන කලකිරීමෙන් සිටින එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් අපත් සමග මේ සාකච්ඡාවන්ට එක්ව සිටින බවට මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරයා සඳහන් කර සිටියා.
මීළඟ අයවැය සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාවද ඉතා විමිසිලිමත් විය යුතු බව මෙහිදී අවධාරණය කෙරුණා.
අයවැය පරාජය කිරීම සඳහා වූ සිය සාකච්ඡා අයවැය ඉදිරිපත් කළ පසු වඩා වේගවත් කරන බවද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ කියා සිටියා.