පොලීසිය ශක්තිමත්ව කි‍්‍රයාත්මක නොවන බවටත්, පොලිස් පාතාලයක් නිර්මාණය වී ඇති බවටත් අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉකුත් දා කළ ප‍්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ අමාත්‍ය සරත් ෆොන්සේකා කළ ප‍්‍රකාශයේ සත්‍යයත් තිබේදැයි එවැනි විමර්ශනයකින් තහවුරු කර ගත හැකි බවයි.
තමන් විශ්වාස කරන පරිදි පොලීසිය සමස්ථයක් ලෙස සිය සේවා ඉතා හොඳින් ඉටු කරමින් සිටින බවද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර කියා සිටියා.
කෙනෙකු හෝ දෙදෙනෙකු කරන ප‍්‍රකාශ නිසා පොලීසිය කෙරෙහි ඇති මහජන විශ්වාසය පළුදු නොවනු ඇතැයිද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.