රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් විෂමතා පවතීනම් ඒවා හඳුනාගෙන විසඳුම් නිර්දේශ කිරීම සඳහා පත් කෙරුණු විශේෂ වැටුප් කොමිසම පළමු වරට හෙට (27) රැස්වීමට නියමිතයි. කෙසේවෙතත් මෙම කොමිසම පිළිබඳව ඇතැම් වෘත්තීය සමිතිවලට තවමත් ඇත්තේ සැකයක්.
මේ, ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්.
නෙත් නිවුස් මේ සමබන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන්ද විමසීමක් කළා. මේ එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද.
මෙම විශේෂ වැටපු කොමිසම පත් කිරීමට ආසනන්ම හේතුවක් වූයේ වැටුප් වර්ධකයක් ඉල්ලා දුම්රිය සේවකයින් පිරිසක් ඉකුත් දා කළ වැඩවර්ජනයයි.
ඒ අනුව පළමු වරට හෙට රැස්වීමට නියමිත මෙම කොමිසම පිළිබඳ නෙත් නිවුස් දුම්රිය වෘත්තීය සමිතිවලින්ද විමසිමක් කළා.
මේ, දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ.
මෙම විශේෂ වැටුප් කොමිසමට සාමාජිකයින් 16 දෙනෙකු ඇතුළත්. එස් රනුග්ගේ එහි සභාපතිවරයා වනවා.