රථ වාහන වැරදි සඳහා ඉකුත් දා කෙරුණු ස්ථානීය දඩ වැඩිකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවේ විමර්ශනයක් සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියනගේ සංගමය පවසනවා. මෙම විර්මශනයෙන් තමන් සූභදායී ප‍්‍රතිචාරයක් අපේක්ෂා කරන බවයි එහි සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ. ස්ථානීය දඩ වැඩිකිරීමට එරෙහිව ඇතැම් බස් සේවකයින් ඉකුත් දා වැඩවර්ජනයක නිරතවූයේ මේ පිළිබඳ හෝ නොදැන විය හැකි බවද ඔහු පැවසුවා.
නෙත් නිවුස් මේ සම්බ්ධයෙන් අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයෙන්ද විමසිමක් කළා. ඔවුන් පැවසුවේ බස් සේවකයින්ගේ ඉල්ලිම් අපැහැදිළි බවයි. මේ එහි සභාපති සරත් විජිත කුමාර.
මේ අතර වැඩවර්ජනයේ නිරත වූ බස් සේවකයින් පවසන්නේ සිය ගැටලූ පිළිබඳ බස් හිමියන් ප‍්‍රමාණවත් උනන්දුවක් නොදක්වන බවයි. ඉකුත් දා කෙරුණු වැඩවර්ජනය අසාර්ථක වූයේද බස් හිමියන්ගේ බලපෑම් නිසා බවට ඔවුන් චෝදනා කළා. සිය ගැටලූ සම්බන්ධයෙන් බස් හිමියන් දක්වන උනන්දුව පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් සිටින බවද ලබන 15වනදා දක්වාත් යහපත් ප‍්‍රතිචාරයන් නොලැබුණ හොත් යළිත් වැඩවර්ජනයක් ආරම්භ කරන බවත් ඔවුන් කියා සිටියා.