Friday, May 3, 2024

General line - 0115112241

අනූෂා සහ ඉෂාන් අද ආසියානු බොක්සිං තරග බිමේ

කසුන් කැලුම් - ඉන්දුනීසියාවේ ජකාර්තා නුවර සිට




ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩකයන් දෙදෙනෙකු අද අවසන් තරග සදහා එක් වනවා. ජනක ප‍්‍රසාද් විමලසිරි සහභාගි වන පිිරිමි දුර පැනීම ඉසව්වේ අවසන් තරගය ශී‍්‍ර ලංකාවේ වේලාවෙන් අද (26) පස්වරු 5:10 ට ආරම්භ වීමට නියමිතයි.

කාලිංග කුමාරගේ සහභාගි වන පිරිමි මීටර් 400 ධාවන ඉසව්වේ අවසන් තරගය අද පස්වරු 5:40ට ආරම්භ වනවා. 

පොදුරාජ්‍ය මණ්ඩලයීය ලෝකඩ පදක්කම්ලාභීනී අනූෂා කොඩිතුවක්කු අද බොක්සිං වලල්ලට පිවිසීමට නියමිතයි. ඇය කිලෝග‍්‍රෑම් 51 බර පන්තියෙන් තරග වදින අතර ප‍්‍රතිවාදීයා වන්නේ ජපාන කී‍්‍රඩිකාවක්. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් රාති‍්‍ර 8.00 ට ආරම්භ වීමට නියමිතයි. 

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ කිලෝග‍්‍රෑම් 52 බර පන්තියේ බොක්සිං ලෝකඩ පදක්කම දිනූ ඉෂාන් බණ්ඩාරද අද අද බොක්සිං වලල්ලට පිවිසෙනවා. ඔහු තරග වදින්නේ තායිලන්ත කී‍්‍රඩකයෙකුට එරෙහිවයි. එම තරගය ශී‍්‍ර ලංකා වේලාවෙන් පස්වරු 4 :45 ට ආරම්භ වනවා. 

ශී‍්‍ර ලංකාවට මෙවර ආසියානු කී‍්‍රඩා උළෙලේදී මෙතෙක් පදක්කමක් දිනා ගැනීමට අසමත් වී ඇති අතර චීනය තවදුරටත් පදක්කම් සටහනේ පෙරමුනගෙන සිටිනවා.