මොරටුව ලූනාව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබෙනවා. මෙහෙයුම සිදු කෙරුණේ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින්. සැකකරුවන් 05දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගැනුණා.
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු 15්ක්ද, ඒවා මුද්‍රණය කිරීමට යොදා ගත් බව කියන උපකරණද සොයා ගෙන තිබෙනවා. රාජ්‍ය සහතික සහ අධ්‍යාපන සහතිකද මෙහිදී ව්‍යාජ ලෙස මුද්‍රණය කර ඇති බවටයි පොලීසිය සැකකරන්නේ.
මේ අතර ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමග පුද්ගලයෙකු කිතුල්ගල මඩමෝදරදීද අත්අඩංගුවට ගැනුණා. මෙම පුද්ගලයා 18වන වියෙහි පසුවන්නෙක්.