බළන්ගොඩ සමනලවත්ත ප්රදේශයේ සහන් කුමාර ධර්මසේන දරුවා අතුරුදහන් වී අද (26) වන විටත් කිසිඳු තොරතුරක් ලැබී නොමැති බව බළන්ගොඩ පොලීසිය පවසනවා.
පසුගිය මස 20 වැනි දා මෙම දරුවා නිවසින් බැහැරව දර කැඩීමට ගිය සිය පියා සෙවීමට යන අවස්ථාවේ දී මෙලෙස අතුරුදහන් වී ඇති බවයි මුලින් වාර්තා වී තිබුණේ.
මුල් දින කිහිපය තුළදී පොලිසිය සහ හමුදාව එක්ව ප්රදේශය පුරා දරුවා සෙවීමේ මෙහෙයුම් දියත් කළා.
එහෙත් දරුවා පිළිබඳව කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී තිබුණා.
පසුව හමුදාව සෝදිසි මෙහෙයුම්වලින් ඉවත් වූ අතර බළන්ගොඩ පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ කටයුතු මේ වනවිටත් සිදුකරමින් පවතිනවා.
දින කිහිපයක් දරුවාගේ ඥාතීන්ගෙන්ද ප්රශ්ණ කලත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකිවී ඇති බවයි වාර්තා වෙන්නේ.
ළමයා ප්රදේශයේ දිවියෙකුගේ ගොදුරක් බවට පත් වූවාද නැතහොත් වෙනයම් අපරාධයක් සඳහා දරුවා පැහැරගෙන ගියාද යන්න පිළිබඳව බළන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා.