Thursday, January 16, 2025

General line - 0115112241

ශ්‍රීලනිප මතය ජනතාවට දුන් පොරොන්දුව ඉටු කරන්නයි

ජූඩ් සමන්ත




ජනතාවට පොරොන්දු වූ පරිදි ඉදිරි පළාත් සභා මැතිවරණය නව ක‍්‍රමය යටතේ පැවැත්විය යුතුය යන්න ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මතය බව එම පක්‍ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

අමාත්‍යවරයා කියාසිටියේ ඉකුත්දා පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වූයේ පළාත් සභා මැතිවරණය පවත්වන ක‍්‍රමය නොව සීමා නීර්ණය පිළිබද වාර්තාව බවයි.

අමාත්‍ය දුමින්ද දිසානායක මේ බව සදහන් කළේ සෙංගල්ඔය ව්‍යාපාරයේ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා අද (26) පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.