මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ 2018 ඇසළ පෙරහර මංගල්‍ය අද (26) සාර්ථකව නිමාවට පත් වුණා.
ඒ, දිය කැපීමේ චාරිත්‍රයෙන් පසු දහවල් පෙරහැර විථි සංචාරය කිරීමෙන් අනතුරුවයි.
පෙරහැර සාර්ථකව අවසන් වූ බවට වන සංදේශය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙත භාරදීමද අද පස්වරුවේ සිදු කෙරුණා.
මේ අතර සම්පූර්ණයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ රන් වියන විවෘත කිරීමද අද පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබුවා.
එමෙන්ම අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් රචිත ගල් පිළිමය ග්‍රන්ථය එළිදැක්වීමද අද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඒ, අස්ගිරි ගෙඩිගේ රජමහා විහාරස්ථානයේදීයි.