වැඩිකල් නොගොස් වත්මන් ආණ්ඩුව පරාජය කළ හැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවැති ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප‍්‍රදර්ශනයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
මේ අතර සැප්තැම්බර් 05වනදා විරෝධතා රැළිය පවත්වන ස්ථානය සැප්තැම්බර් 04වනදා පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කිරීමටයි ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත්තේ.