ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අදට වසර 67ක්. 1951 සැප්තැම්බර් මස 02වනදා නිදහස් පක්ෂය බිහිවූයේ දිවංගත අග්‍රාමාත්‍ය එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන්.
1952දී සිය පළමු පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන නිදහස් පක්ෂය එහිදී දිනා ගන්නා ආසන සංඛ්‍යාව 09ක්. ඒ, එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරණායක මහතා විපක්ෂ නායක ධුරයට පත් කරමින්. 1956 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ මහජන එක්සත් පෙරමුණ සන්ධානයක් ලෙස ආසන 51ක් දිනා ගනිමින් විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකර ගත්තා. 1959 වසරේ සැප්තැම්බර් 25වනදා එස් ඩබ්ලිව් ආර් ඞී බණ්ඩාරනායක මහතාගේ අභාවය සිදුවනවා. පසුව 1960 වසරේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් නිදහස් පක්ෂය විශිෂ්ඨ ජයක් අත්කර ගන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ලොව පළමු අගමැතිනිය බවට පත්කරමින්.
1970 පැවැති මැතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සමගි පෙරමුණ විශිෂ්ඨ ජයක් ලැබුවද, 1977 වසරේදී දරුණු පරාජයකට මුහුණ දීමට සිදුවනවා. 1994දී යළි ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදුජන එක්සත් පෙරමුණ බලයට පත්වන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිධූරයට පත්කරමින්.
2001 වසරේ පැවැති මහමැතිවරණයෙන් පරාජයට පත්වුවද, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස 2004 මැතිවරණය ජය ගැනීමට සමත් වනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වන්නේ 2005 මැතිවරණයද ජය ගනිමින්. වත්මන් ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන මහතා මේවනවිට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට නායකත්වය ලබා දෙනවා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට අදට වසර 67ක් සපිරෙන අද දිනයේ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සැමරුම් සිදු කරන බවයි පක්ෂයේ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස නෙත් නිවුස් වෙත කියා සිටියේ.
ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ දහසයේ කණ්ඩායමද ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වසර 67 ක් සපිරීම නිමිත්තෙන් වෙනම සැමරුම් මාලාවක් පැවැත්වීමටයි සූදානම් වන්නේ.
මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයට වසර 67 ක් සපිරීම නිමිත්තෙන් පවත්වන සංවත්සර උත්සවයේ දිනය සහ ස්ථානය පිළිබද මෙතෙක් නිල වශයෙන් තීරණයක් ගෙන නොමැති බව පක්ෂ මහලේකම්වරයා නෙත් නිවුස් වෙත පැවසුවා. එය ජනාධිපතිවරයා ශී‍්‍ර ලංකාවට පැමිණීමෙන් පසු තීරණය කරනු ඇතැයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණා.