Friday, January 17, 2025

General line - 0115112241

බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දැමීම පිළිබද තීරණය හෙට

තරංග රුක්ෂාන් ජයසේකර/ දිල්ශාන් තුෂාර




තිරිගු පිටි මිළ වැඩි කිරීම හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිළ ඉහළ දැමීම පිළිබද තීරණය හෙට (03) දිනයේදී ප‍්‍රකාශයට පත් කිරීමට බේකරි හිමියන් තීරණය කර තිබෙනවා. ඔවුන් කියාසිටියේ මිළ වැඩි කිරීම පිළිබද නිල තීරණයක් තමන්ට මෙතෙක් ලැබී නොමැති බවයි. එබැවින් බේකරි නිෂ්පාදනවල මිළ වැඩි කළයුතු අගය පිළිබද තීරණයක් ගත නොහැකි බව බේකරි හිමියන් පෙන්වා දෙනවා. තිරිගු පිටි මිළ වැඩි කිරීමත් සමග බේකරි නිෂ්පාදනවල මිළ තීරණය කිරීම පිළිබද ඊයේ රාති‍්‍රයේ විශේෂ සාකච්ඡාවක්ද පැවැත්වුණා. තීරණය කල් දැමීමට එකගතාව පළ වී ඇත්තේ එහිදී බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන නෙත් නිවුස් වෙත කියාසිටියේ.

පෙරේදා මධ්‍යම රාති‍්‍රයේ සිට තිරිගු පිටි කිලෝ ග‍්‍රෑම් එකක මිළ රුපියල් 5 කින් ඉහළ දැමීමට තීරණය කෙරුණා. ඒ අනුව ඊයේ මධ්‍යම රාති‍්‍රයේ සිට කොත්තු රොටියක මිළ රුපියල් 5 කින් ඉහළ නැංවීමටයි ආපන ශාලා හිමියන් පියවර ගත්තේ.