Friday, January 17, 2025

General line - 0115112241

ඥාණසාර හිමිට සුවයි - බන්ධනාගාර රෝහලෙන් ලඟදීම බන්ධනාගාරයට

නිශාන් ද සිල්වා




වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් තවත් සතියකින් පමණ වැලිකඩ බන්ධනාගාරයට ඇතූලත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, උන්වහන්සේගේ රෝගී තත්ත්වය සුව වී ඇති හෙයින්. 

ඉකුත්දා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේදී ඥාණසාර හිමියන්ට ශල්‍ය කර්මයක් සිදුකළා. ඉන් පසු උන්වහන්සේ මාරු කෙරුණේ වැලිකඩ බන්ධනාගාර රෝහලටයි. එහිදී සිරදඩුවමකට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජම්පරයක් ලබාදී තිබු අතර එය ඇදීම උන්වහන්සේ ප‍්‍රතික්‍ෂේප කර තිබුණා. ජම්පරය තමන් වහන්සේ අදින්නේ මහනායක හිමිවරුන් ඊට එකග වුවහොත් පමණක් බවයි උන්වහන්සේ එහිදී බන්ධනාගාර නිලධාරීන්ට පවසා ඇත්තේ. එසේ නොමැතිව කුමන තත්ත්වයක් යටතේ වුවද චීවරය ඉවත් නොකරන බවද, උන්වහන්සේ ප‍්‍රකාශ කර තිබෙනවා. 

වැලිකඩ බන්ධනාගාර පරිපාලනය ඒ සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානය දැනුවත් කර අතර ඒ පිළිබද ගතයුතු පියවර කුමක්ද යන්න පිළිබද අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයෙන් විමසා සිටි බවයි වාර්තා වුණේ.