හාලිඇල, ජගුල්ල ප්රදේශයේදී අභිරහස් ලෙස පොලිස් කොස්තාපල්වරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා බව කියන 27 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය පැවසුවේ තියුණු ආයුධයකින් ගෙල කපා සිරුරට ගිනි තබා සැකකරු පොලිස් කොස්තාපල්වරිය ඝාතනය කර ඇති බවයි. සැකකරු ඇගේ නිවස ආසන්නයේ ඇති ඌව කැටවල තේ වත්තේ ක්ෂේත්ර නිලධාරියෙක්.
පොලිස් කොස්තාපල්වරිය නිවාඩු ලබා ඊයේ සිය නිවසට පැමිණ සිටියා. අසල්වැසි නිවසක තිබූ දානමය පිංකමකට සහභාගි වී තම පෙම්වතාට යැයි පවසා ඇය ආහාර පාර්සලයක් ද රැගෙන පැමිණ ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ. කොස්තාපල්වරිය සිටි නිවසේ ගින්නක් දුටු ප්රදේශවාසීන් පසුව කළ සොයා බැලීමකදී ඇගේ මළසිරුර සොයා ගැණුනා.
තම පෙම්වතියට වෙනත් සම්බන්ධයක් ඇතැයි පැවති සැකය හේතුවෙන් ඝාතනය සිදුකළ බවටයි සැකකාර තරුණයා පොලීසියට පවසා ඇත්තේ. මෙය සැලසුම් සහගත අපරාධයක් බවත් ඝාතනය සිදුකර ගිනි තැබීම සදහා සැකකරු සැලසුම් කර තිබූ බවත් පොලීසිය පවසනවා.