දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති නියං සහිත කාලගුණය හේතුවෙන් පුද්ගලයින් රැසක් පීඩාවට පත්ව සිටිනවා. උතුර පළාතේ පමණක් පීඩාවට පත්ව ඇති සංඛ්‍යාව එක් ලක්ෂ පන්දහස් හැට හතරක්. මේ වනවිට කුඩා වැව් සියල්ලම සිදී ගොස් ඇති අතර ළිං සහ ජල උල්පත්ද සිදී ගොස් ඇති බවයි ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වූ නෙත් නිවුස් වාර්තාකරුට දැකගත හැකි වුණේ. ජනතාව පමණක් නොව සතුන්ද දැඩි පීඩාවට පත්ව ඇති බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ.
ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ නියගයෙන් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් මේ වනවිට කඩිනම් පියවර රැසක් ගෙන ඇති බවයි.
මේ අතර විල්පත්තුව ජාතික වනෝද්‍යානයට ද පවතින දැඩි නියගය හේතුවෙන් බලපෑම් එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ඊයේ සිට සංචාරක නවාතැන් තාවකාලිකව වසා දැමීමටයි පියවර ගෙන ඇත්තේ. මේ වසරේ පළමු මාසයෙන් පසු විල්පත්තු ජාතික වනෝද්‍යානයට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී නැහැ. මේ හේතුවෙන් ප්‍රධාන විල් සහ ප්‍රධාන වැව් සිදී යන තත්ත්වයකට පත්ව ඇතැයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.