Friday, January 17, 2025

General line - 0115112241

කටාර්හි සේවය කළ ශී‍්‍ර ලාංකිකයෙකුගේ මරණය ගැන සැකයක්

ප‍්‍රසාද් පූර්ණමාල්




කටාර් රාජ්‍යයේ සේවය කල ආනමඩුවේ පදිංචි පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් ඇතැයි ඥාතීන් පවසනවා. ඔහුගේ බිරිද කළ පැමිණිල්ලක දැක්වෙන්නේ මෙම මරණය පිළිබද සැකයක් පවතින බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි දෙදරු පියෙක්. ඔහු 2016 වසරේ ජූලි මාසයේදී විදේශ රැකියාවකට ගොස් තිබුණා. ඒ, වසර දෙකක සේවා ගිවිසුමක් යටතේයි. රුපියල් එක් ලක්‍ෂ තිස් පන්දහසක මුදලක් ණය වශයෙන් ලබාගෙන ඔහු විදේශගත වී ඇතත් රැකියා ඒජන්සිය ප‍්‍රකාශ කළ තරම් වැටුපක් ඔහුට නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ බිරිද පවසන්නේ තම ස්වාමියාට එරට සිටින ශී‍්‍ර ලාංකිකයින් කිහිප දෙනෙකු හිරිහැර කිරීමට සුදානම් වන බවට තොරතුරු ලැබී තිබූ බවයි.