නේපාලයේ පැවති බිම්ස්ටෙක් රාජ්ය නායක සමුළුවට සහභාගිවීමෙන් අනතුරුව, එහි සභාපතීත්වය හිමි කරගත් ශ්රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (02) දින රාත්රියේ යළිත් ශ්රී ලංකාවට පැමිණියා.
ජනාධිපති ඇතුළු දූත පිරිස නේපාලයේ සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් ඊයේ දින රාත්රී 10.20 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.
ශ්රී ලංකා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට මෙවර පැවති රාජ්ය නායක සමුළුවේ දී ඉදිරි වසර සඳහා බිම්ස්ටෙක් සමුළුවේ නායකත්වය හිමි වීම විශේෂත්වයක්.
ජනාධිපතිවරයා ගුවන් යානයෙන් බැසීමෙන් පසු රතු පලස මතින් කටුනායක ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරි පරිශ්රය වෙත කැඳවා ගෙන එනු ලැබුවා.
ඉන් අනතුරුව එහිදී ජනාධිපති ඇතුළු දූත පිරිසට සෙත් පතා සර්ව ආගමික වතාවත් සිදු කෙරුණා.
ජනාධිපති ඇතුළු දූත පිරිස පිළිගැනීමට විශාල මැති - ඇමතිවරුන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.
ජනාධිපති ඇතුළු දූත පිරිස ඉකුත් 29 වැනිදා කටුනායක ගුවන් තොටුපොළෙන් නේපාලය බලා පිටත්ව ගොස් තිබුණා.