Saturday, May 4, 2024

General line - 0115112241

ගාල්ල වරාය පුද්ගලික සමාගමකට දීමට යන යෝජනාව කැබිනට් මණ්ඩලයත් නොදනී

හර්ෂිකා සංජීවනී/ලහිරු කපුගේ




ගාල්ල වරායේ කොටසක් පුද්ගලික සමාගමකට ලබාදීමට ඉදිරිපත් වී ඇති යෝජනාවට ආණ්ඩුවේම ඇතැම් පිරිස් විරෝධය පළ කරනවා. නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර පැවසුවේ මෙම යෝජනාව ක‍්‍රියාත්මක වෙමින් ඇත්තේ කිිසිදු විනිවිදභාවයක් නොමැතිව බවයි. 

නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර ගාල්ල සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා. එසේ තිබියදී අදාළ යෝජනාව පිළිබඳ මාධ්‍ය වාර්තා කරන තෙක් තමන් හෝ දැන නොසිටි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු කියා සිටියේ. 

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ද විමසීමක් කළා. ඔහු පැවසුවේ ගාල්ල වරායේ කොටසක් පුද්ගලික සමාගමකට ලබාදීමට ඉදිරිපත් වී ඇතැයි කියන යෝජනාවක් සම්බන්ධයෙන් තමන් නොදන්නා බවයි. එවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී නැතැයි ද අමාත්‍යවරයා පැවසුවා.