හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු 03 දෙනෙකු ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර අද (03) නියෝග කළා.
ඒ, සතොස මුදල් අවභාවිත කළ බව පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.
හිටපු අමාත්‍යවරයාට අමතරව ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඞ් ශකීර් හා සතොස හිටපු සභාපති නලීන් ප‍්‍රනාන්දු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.