Friday, January 17, 2025

General line - 0115112241

අධිකරණයේ පෙනී සිටි හිමිවරුන් සිව්නමට ඇප

දිල්ශාන් තුෂාර




පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන්ට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අද (03) ඇප නියම කෙරුණා.

මෙම භික්ෂූන් වහන්සේලා සිව් නමට අද (03) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 31 වැනිදා නියෝගයක් ලබා දුන්නා.

2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ යන චෝදනා ගොණු කරමින් මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි එහිදී නියෝග කර තිබුණේ.