තුන්වන වාරය වෙනුවෙන් පළමු දිනට අද (03) පාසල් ගිය දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේ පළමු ශ්‍රේණියේ සිසුන් පිරිසක් අපහසුතාවකට මුහුණ දුන්නා.
ඒ, ඔවුන්ගේ පංතිකාමරය ඉබි යතුරු දමා වසා තිබීම හේතුවෙන්. පංති භාර ගුරුවරිය ද පාසලට පැමිණ සිටියේ නැහැ. ඒ අනුව දරු දැරියන්ට ආපසු නිවෙස් කරා හැරී යාමට සිදු වූ බව මව්පියන් පැවසුවා.
කෙසේ වෙතත් මේ පිළිබඳ කළ විමසීමකදී විදුහල්පති ලීලාරත්න බණ්ඩාර පැවසුවේ මෙම සිද්ධිය පිළිබඳ තමන් නොදන්නා බවයි. සිද්ධිය පිළිබඳ සොයා බලන බවද ඔහු පැවසුවා.