Wednesday, May 8, 2024

General line - 0115112241

ජනබලය කොළඹට : අමෙරිකානු පුරවැසියන්ට නිකුත් වූ විශේෂ නිවේදනය




අද (05) දින කොළඹදී පැවැත්වීමට නියමිත "ජනබලය කොළඹට" යන විරෝධතාවය හේතුවෙන් මෙරට සිටින අමෙරිකානු පුරවැසියන් සදහා ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව අද දින දහවල් ආරම්භ විමට නියමිත ජනබලය කොළඹට විරෝධතාවය හේතුවෙන් අමෙරිකානු පුරවැසියන්ට රැස්වීම සහ මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන මගහැර සිටින්නැයි උපදෙස් ලබාදී තිබෙනවා.

එමෙන්ම අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ මෙම විරෝධතාකරුවන් මාර්ග කිහිපයකින් කොළඹට පැමිණෙන බැවින් මාර්ග තදබදයන් ඇති විය හැකි බවයි.

මෙම විරෝධතාවයන් කැම්බල් පිටිය, විහාරමහා දේවි උද්‍යානය, හයිඩ් පාර්ක් පිටිය, ලිප්ටන් වටරවුම සහ අරලිය ගහ මැදුර ඇතුළු රජයේ ගොඩනැගිලි අසල පැවැත්වීමේ ඉඩකඩ පවතින බවට එම නිවේදනය මගින් අමෙරිකානු පුරවැසියන්ට දැනුම් දී තිබෙනවා.