Wednesday, May 22, 2024

General line - 0115112241

රටේ මීලග පාලකවරයා ගැන ජනාධිපති හෙළි කරයි




නියමිත කාලයට පෙර ජනාධිපතිවරණයක් පැවැත්වීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අද (08) අවධාරණය කළා. එසේ ජනාධිපතිවරණයක් පවත්වන්නේ නම් ඒ පිළිබදව තීරණයක් ගත හැක්කේ තමාට පමණක් බවයි ජනාධිපතිවරයා කියාසිටියේ. 

ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරයෙක් පහුගිය කාලේ කියල තිබ්බා ජනාධිපතිවරණයක් ඉක්මනට තියනවා කියලා. ජනාධිපති ජන්දය ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැහැ. නියමිත කාලයට කලින් ජනාධිපතිවරණයක් තියනවා නම් ඒ ගැන තීන්දු කරන්න පුළුවන් මට විතරයි වෙන කාටවත් නෙමෙයි මට විතරයි. නියමිත කාලයට දවසකට කලින්වත් ජන්දයක් තියන්නේ නැහැයි කියන එකත් මම කියන්නට ඕන. අනිත් කාරණාව තමයි ඊලගට හදන ආණ්ඩුවක වැදගත් වෙන්නේ කුමන තනතුරද? ජනාධිපතිධුරයද අගමැතිධුරයද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය අපි සම්මත කළා 2015 වසරේදී. ඒ අනුව ජනාධිපතිවරයාගේ බලතල හුගක් අඩු කෙරුවා. ඊලග මැතිවරණයට පස්සේ ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිතයි. මීලග මැතිවරණයෙන් පස්සේ රටේ ප්‍රධාන තනතුර වෙන්නේ ජනාධිපතිධුරය නෙමෙයි අගමැතිධුරයයි. ඒ නිසා මේ රටේ ජනතාවගේ දේශපාලන සාකච්ජාව හා සංවාදය විය යුත්තේ ඊලග ජනාධිපතිවරයා කවුරුද කියන එක නෙමෙයි ඊලග අගමැතිවරයා කවුද කියන එකයි සංවාදයට ලක්විය යුත්තේ යැයි මෙහිදී රැස්ව සිටි පිරිස අමතා ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

ඉදිරි මහ මැතිවරණයකදී අවංක දුෂණයෙන් තොර අග‍්‍රාමාත්‍යවරයෙකු පත්කර ගැනීමට ජනතාව සහ දේශපාලන පක්‍ෂ කටයුතු කළයුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නිවිතිගල මහජන පොල භූමියේ අද පැවති නිවිතිගල ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම බලමණ්ඩල රැුස්වීම අමතමින්. ආරක්‍ෂක හමුදාවන්ට එරෙහි චෝදනාවලින් ඔවුන් නිදහස් කර ගැනීම පිළිබද තමන් ජගත් සංවිධානය හමුවේ විශේෂ ප‍්‍රකාශයක්ද සිදුකරන බවයි ජනාධිපතිවරයා මෙහිදි වැඩිදුරටත් සදහන් කළේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නිවිතිගල මහජන පොල භූමියේ අද පැවති නිවිතිගල ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම බලමණ්ඩල රැුස්වීම අමතමින්. ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සදහන් කළේ ශි‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ සහාය නොමැතිව කිසිදු පක්‍ෂයකට ආණ්ඩුවක් පිහිටු විය නොහැකි බවයි.