අපරාධකරුවන් සහ ඔවුන් භාවිත කරන අවි ආයුධ අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් දැඩි කරන බව පොලිසිය පවසනවා.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ අපරාධකරුවන් භාවිත කරන අවි ආයුධ රැසක් පසුගිය දින කිහිපය තුළ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.
ප්‍රබල අපරාධකරුවන් පිටුපස සිටින දෙවන සහ තුන්වන ජාලයට අයත් පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා හඳුනාගැනීමේ කටයුතු මේ වන විට සිදුකරන බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවා.
මේ අතර ගොඩබිම තුළදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් වැඩිම මුදල ලෙස රුපියල් කෝටි 28ක මුදලක් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
කුරුණෑගල ප්‍රදේශයේ නිවසක තිබී එය සොයාගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් සිදු කළ වැටලීමකදී බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක්, කැබ් රථයක් සහ වෑන් රථයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින් එම ජාවාරම මෙහෙයවා ඇති බවයි වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.