ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ප්‍රතිකාර නිමවා එම රෝහලෙන් පිටව යාමට අද (09) සූදානමින් සිටියා.
කෙසේවෙතත් වෛද්‍යවරුන් පැවසුවේ උන්වහන්සේට තවත් දින කිහිපයක් රෝහලේදී පරික්ෂණ කිහිපයක් සිදු කිරීමට නියමිත බවයි. ඒ අනුව තවත් දින කිහිපයකින් පසු ඥාණාසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට රැගෙන යාමට හැකි වනු ඇති බවයි ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ වෛද්‍යවරුන් පැවසුවේ.
උන්වහන්සේ ඉකුත් 06වැනිදා ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරුණේ හදිසි රෝගි තත්ත්වයක් හේතුවෙන්.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත උන්වහන්සේට ඉකුත් දා වසර 06ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කෙරුණා.
මේ අතර සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් හෙට (10) දිනයේ රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය විරෝධතාවක් සංවිධාන කර තිබෙනවා. බොරැල්ල නගරයේදී එය පැවැත්වෙන බවයි එහි සභාපති යූ. ඞී. වසන්ත පැවසුවේ.