විශේෂ මහාධිකරණ හරහා දේශපාලන වශයෙන් නඩු පැවරීම අසාධාරණ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
පොතුහැර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
එහිදී "මට මතක ඇති කාලෙක විශේෂ අධිකරණ දුන්නේ සිරිමාවෝ මැතිණියගේ ප්‍රජා අයිතිය නැති කරන්න. මේක ඊට වඩා භයානකයි. මේ විශේෂ අධිකරණයට එන නඩු තෝරන්නේ අගවිනිසුරුවරයා. අගවිනිසුරුට ඒවා යවන්නේ නීතිපති. නීතිපතිට උපදෙස් දෙන්නේ ඇමතිවරු. ඉතින් දේශපාලන වශයෙන් නඩු පැවරීම අසාධාරණයි." යනුවෙන්ද සඳහන් කළා.
(එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින් අහන්න)