මඩාටුගම, හැවැන්තැන්නේගම ප්රදේශයේ වගා ළිඳක සිටි මව් කිඹුළියක හා පැටවුන් 12 දෙනෙකු ගල්කිරියාගම වනසත්ව අඩවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් අල්ලා ඉවත් කර තිබෙනවා.
අඩි 25ක් පමණ ගැඹුරැති එම ළිඳේ, ළිං කට ආසන්නයේ සාදාගත් බෙනයක් තුළ මෙම කිඹුළිය බිත්තර දමා පැටවුන් බිහිකර තිබූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වන ජීවි නිලධාරින් විසින් පළමුව ළිඳෙහි පිරි තිබූ ජලය ඉවත් කර පසුව කිඹුළිය සහ පැටවුන් ඉවතට ගෙන තිබුණා. මුදා ගත් කිඹුළිය සහ පැටවුන් වනජීවී නිලධාරීන් භාරයට ගෙන ඇති අතර පසුව අභයභූමියකට මුදා හැරීමට නියමිතයි.