Tuesday, May 7, 2024

General line - 0115112241

ඉන්ධන කාන්දුවෙන් වෙරළ තිරය අපවිත්‍ර වෙයි : නාවික හමුදාවෙන් 300ක් (PHOTOS/VIDEO)

දිනුක් හේවාවිතාරණ / මහේෂ් චතුරංග / සජිත් තිලකරත්න




තෙල් ප්‍රවාහන නෞකාවක සිට මුතුරාජවෙල තෙල් පිරිපහදුව වෙත තෙල් ගෙන යන ප්‍රවාහන නලයක සිදු වී ඇති ගැටලුවක් හේතුවෙන් සිදුවූ තෙල් කාන්දුව හේතුවෙන් දික්ඕවිට සිට පමුණුව දක්වා වෙරළ තිරයට ගොඩගසා ඇති කලු තෙල් ඉවත් කිරීම සදහා නාවික හමුදාව මේ වන විට කටයුතු ආරම්භ කර තිබෙනවා.

නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් දිනේෂ් බණ්ඩාර සදහන් කලේ වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාවලිය සදහා නාවික හමුදා සහ වෙරළාරක්‍ෂක නිලධාරින් 300 කට අධික පිරිසක්  කණ්ඩායමක් මේ වන විට යොදවා ඇති බවයි.

උස්වැටකෙයියාව කල්දියවත්ත වෙරළ තිරයේ පිරිසිදු කිරීමේ කටයුතු පිරිසිදු කිරීමේ කටයුතු සිදුකෙරමින් පවතින අයුරු එහි සිටින අප නෙත් නිවුස් වාර්තාකරු ගේ කැමරා කාචයේ මෙසේ සටහන්ව තිබුනා.

මෙම මෙහෙයුම සඳහා ඉකුත්දා ජපන් රජය මඟීන් ශ‍්‍රී ලංකාව වෙත පරිත්‍යාග කළ වෙරළාරක්ෂක නෞකා දෙක යොදාගෙන තිබීම ද විශේෂත්වයක්. ඒ අනුව දෙහිඕවිට සිට උස්වැටකෙයියාව දක්වා වූ වෙරළ තීරයේ විසිරී ඇති තෙල් ඉවත් කිරීම සිදු කෙරුණේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට අනුයුක්ත විශේෂඥ නිලධාරීන්ගේ ද සහයෙන්. 

වෙරළ තීරයට සහ මුහුදු ජලයට ඉන්ධන මුසුවී ඇති ආකාරය පිළිබඳ නෙත් නිවුස් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියෙන් විමසීමක් කළා. මේ, එහි සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර. 

ගල්පර සහිත ඇතැම් ප‍්‍රදේශවලට කාන්දු වී ඇති ඉන්ධන ඉවත් කිරීම අපහසු වී ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

ශ‍්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ මුහුදු ජලයට මුසුවී ඇති තෙල් කාර්යක්ෂමව ඉවත් කිරීම ප‍්‍රමුඛව සිදු වන බවයි. තෙල් විසිරීම වළක්වමින් පරිසර හානිය අවම කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන බවද ඔවුන් පැවසුවා. 

මේ අතර ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු ආවරණය කරන නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඉන්ධන කාන්දු වීම හේතුවෙන් උස්වැටකෙයියාව මුහුදු තීරයේ කලූ තෙල් පැල්ලම් තවදුරටත් දැකගත හැකි බවයි.

පිපිරීමට ලක්වූ මුතුරාජවෙල දක්වා ඉන්ධන රැගෙන යන නලය ඉවත් කර නව නලයක් යෙදීමට කටයුතු කරමින් සිටින බව ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ  සභාපති ධම්මික රණතුංග අද දහවල් 12.00 නෙත් නිවුස් ප‍්‍රධාන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයට සඳහන් කළා. මෙම තත්ත්වය හේතුවෙන් ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සඳහා කිසිඳු බාධාවක් නොමැති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණ