රට ආර්ථකමය වශයෙන් ශක්තිමත් කරමින් ඉදිරියට ගෙන යාමට වත්මන් ආණ්ඩුව තවදුරටත් කැපවී සිටින බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. කඩා වැටුණු ආර්ථිකය ගොඩනැගීමට දුෂ්කර තීන්දු පවා ගැනීමට සිදු වූ බවයි අග‍්‍රාමාත්‍යවරයා පැවසුවේ.
අග‍්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්. අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද ඊට එක්ව සිටියා.
වසර කිහිපයක් තුළ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය යහපත් අතට වෙනස් කිරීමට වත්මන් රජයට හැකි වූ බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.