පුත්තලම අරුවක්කාලූ කසල රඳවනය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සිදු වන ප‍්‍රදේශයේ අද සිදු වූ නොසන්සුන් සිද්ධිය සම්බන්ධයෙන් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය ප‍්‍රතිචාර දක්වා තිබෙනවා. විෂයභාර අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවේ දේපළ හානි කරමින් නීති විරෝධි ලෙස හැසිරිණු පිරිසට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බවයි.
අදාළ කසල රඳවනයට විරෝධය පළ කරමින් ප‍්‍රදේශවාසීන් අද (09) විරෝධතාවක නිරත වුණා. ඒ, අදාළ ඉදිකිරීම් ව්‍යාපෘතියට සම්බන්ධව සිටි චීන සහ මෙරට කම්කරුවන්ට ද බලපෑම් එල්ල කරමින්.
විරෝධතාකරුවන් අවධාරණය කළේ නිසි ප‍්‍රමිතියකින් තොරව මෙහි ඉදිකිරීම් සිදු කරන බවයි. විරෝධතාව හේතුවෙන් කසල රඳවනයේ ඉදිකිරීම් සිදුවන ප‍්‍රධාන කාර්යාලයේ දේපලවලට ද හානි සිදුව ඇති බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය පැවසුවේ අදාළ ව්‍යාපෘතියේ පූර්ව සංවර්ධන කටයුත්තක් පමණක් මේ වනවිට සිදුවන බවයි. ව්‍යාපෘතියේ ඉදිරි අධීක්ෂණය සඳහා උපදේශක මණ්ඩලයක් ද පත්කරන බවයි අමාත්‍යංශය කියා සිටියේ.