බදු වැඩි කිරීමට එරෙහිව ලබන සතියේ විරෝධතාවක් සිදු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, ඒකාබද්ධ විපක්ෂය අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
බදු හේතුවෙන් රට පත්ව ඇති තත්වය ද මන්ත‍්‍රීවරයා මෙලෙස පැහැදිලි කළා.
ලබන සෙනසුරාදා බදුවලට එරෙහි විරෝධතාවය ආරම්භ කිරීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයින් සාකච්ඡා කරමින් සිටින බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ.