මෙම වසරේ පළමු අර්ධයේ දී කොළඹ වරාය ලෝකයේ වර්ධන අනුපාතය අතරින් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. ඒ, ලෝකයේ ප‍්‍රධාන බහාලූම් මෙහෙයුම් වරායන් 30ක් අභිබවමින්.
යුරෝපා, ඩුබායි සහ ආසියානු වරායන් අතරින් කොළඹ වරාය පෙන්වූ මෙම වර්ධනය ඉතා සුවිශේෂි තත්වයක් බවයි ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ. එහි දෙවන ස්ථානය සිංගප්පූරු වරායටත්, චීනයේ ගුඇන්ෂු වරායට 03 වන ස්ථානයත් හිමිව තිබෙනවා.