Saturday, January 18, 2025

General line - 0115112241

ඥාණසාර හිමියන්ව බන්ධනාගාර ගත කිරීමට සූදානම්

නිශාන් ද සිල්වා




බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරී ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඒ අනුව උන්වහන්සේ බන්ධනාගාරයට මාරු කර යැවිය හැකි බවට නිර්දේශ කිරීමටයි බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් සූදානම් වන්නේ.

බොහෝ දුරට අද (10) දිනයේදී එම නිර්දේශය ලබා දීමෙන් පසු උන්වහන්සේ වැලිකඩ බන්ධනාගාරයට මාරු කර යවනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. 

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණාසාර හිමියන්ට ඉකුත් දා වසර 06ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වුණා. සැත්කමකට භාජනය කිරීම හේතුවෙන් ශී‍්‍ර ජයවර්ධනපුර රෝහලේ ප‍්‍රතිකාර ලැබූ උන්වහන්සේ මීට පෙරද බන්ධනාගාර රෝහල වෙත මාරු කර යැවුණා.

එහෙත් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා යළි ශී‍්‍ර ජයවර්ධනපුර රෝහල වෙත ඇතුළත් කළ ඥාණාසාර හිමියන් බන්ධනාගාර රෝහල වෙත මාරු කෙරුණේ ඊයේ (09) පස්වරුවේයි.