ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් සංචාරයක් සඳහා සිංගප්පූරුව බලා පිටත්ව යෑමට ඊයේ (09) දින රාත්‍රී 8.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති අංජන සදරුවන්ව එහිදී ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රඳවා තබාගෙන ප්‍රශ්න කර තිබෙනවා.
පුත්තලම දිසා අධිකරණය මගින් විභාග වන නඩුවක් හේතුවෙන් මෙම සභාපතිවරයාට මෙසේ ගුවන් ගමන් තහනමක් පනවා තීබී ඇති බවයි වාර්තා වෙන්නේ.
කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙම සභාපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව, පුත්තලම අධිකරණය වෙත ගොස් මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා යොමු කර තිබෙනවා.