තමාගේ අනුමැතියකින් තොරව හංවැල්ල පහත්ගම ප‍්‍රදේශයේ පිහිටි අක්කර 12ක ඉඩමක් පරිසර සංවේදී කලාපයක් බවට පත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වන බවට එම ඉඩමේ හිමිකරු චෝදනා කරනවා. ඔහු පෙන්වා දෙන්නේ ඉඩම තුළ පළතුරු වගා කිරීමට සූදානම් කර තිබියදී මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විමසීමක් කළා. එහි සභාපති චන්ද්‍රරත්න පල්ලේගම පැවසුවේ මෙම ඉඩම පරිසර සංවේදී කලාපයක් බවට පත් කිරීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි.
එහෙත් කඳු සහිත මෙම ඉඩම සම්බන්ධයෙන් ප‍්‍රදේශයේ ජනතාවගෙන් දිගින් දිගටම විරෝධතා ලැබී තිබූ බවයි ඔහු පැවසුවේ. අදාළ ඉඩමේ ජල උල්පත් මෙන්ම සතුන්ද සැලකිය යුතු ප‍්‍රමාණයක් සිටින පාරිසරික පද්ධතියක් බව හඳුනාගෙන ඇතැයි සභාපතිවරයා කියා සිටියා.
සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් එය එළි පෙහෙළි කළහොත් මෙම පාරිසරික පද්ධතියට හානි සිදුවනු ඇතැයි ජනතාව දිගින් දිගටම ප‍්‍රකාශ කරන බවයි ඔහු සඳහන් කළේ.
ප‍්‍රදේශයේ ඇති ගල්වලවල් සම්බන්ධයෙන් පාරිසරික අධ්‍යයනයක් සිදු කිරීමට තීරණය කළ බවද මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම වැඩිදුරටත් පැවසුවා.