Saturday, January 18, 2025

General line - 0115112241

හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ අමල් කරුණාසේකරට ඇප

හර්ෂිකා සංජීවනී




මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු හමුදා බුද්ධි අධ්‍යක්‍ෂ, විශ‍්‍රාමික මේජර් ජනරාල් අමල් කරුණාසේකර අද (10) ඇපමත මුදා හැරුණා. ඒ, ඔහු ඉදිරිපත් කළ ඇප අයදුම්පත ගල්කිස්ස මහේස්ත‍්‍රාත් ලෝචනා අබේවික‍්‍රම හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.

රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 03ක් මත විශ‍්‍රාමික මේජර් ජනරාල්වරයා මුදා හැරීමටයි මහේස්ත‍්‍රාත්වරිය එහිදී නියෝග කළේ. 2008 වසරේ මැයි මස 22වනදා දෙහිවල ප‍්‍රදේශයේ දී මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියට ආධර අනුබල ලබාදීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැණුනේ ඉකුත් අපේ‍්‍රල් මාසයේදීයි.