Saturday, January 18, 2025

General line - 0115112241

සංචාරකයින්ගේ වැට් බදු ආපසු ගෙවීමේ කවුළුවක් හෙට සිට ගුවන් තොටුපොලේ




විදේශීය සංචාරකයින් මෙරටදී මිලදී ගන්නා භාණ්ඩ සඳහා අය කෙරෙන සියයට 15ක වැට් බද්ද රටින් බැහැරව යනවිට ඔවුන් වෙත ආපසු ගෙවීමේ ක‍්‍රමවේදය හෙට (11) ආරම්භ වනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පැවසුවේ ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලේ හෙට සිට විවෘතව තැබෙන බවයි. 

මෙම ක‍්‍රමයට ඇතුළත් වීම සඳහා වෙළඳ ආයතන හිමිකරුවන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සංචාරක වැට් බදු ආපසු ගෙවීමේ ව්‍යාපෘතිය යටතේ තම වෙළඳ ආයතනය ලියාපදිංචි කළ යුතු වනවා. විදේශ සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.