Saturday, January 18, 2025

General line - 0115112241

දරුවන් 07 දෙනෙක් සිටින මව්පියන් යුවලක් වසර 40 කට පසු ජනපති විවාහ කරවයි (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




රුපියල් ලක්ෂ 1100 ක වියදමින් ඉදි කළ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල අද (10)  දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් විවෘත කරනු ලැබුවා.

නව ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් වසර 40කට වැඩි කාලයක් අවිවාහකව දරුවන් හත් දෙනකු බිහිකළ මව්පිය යුවළක් නිත්‍යානුකුලව විවාහ කරවීමට කටයුතු කර තිබෙනවා.
 
මෙලෙස නිත්‍යානුකුලව විවාහ දිවියට පත්වූයේ හුංගම, තුඩුව පදිංචිව සිටි විදාන පතිරණගේ ප්‍රේමරත්න (59) සහ තිබ්බොටුව ගමගේ මාලනී (60) නමැති යුවළක්.

නිත්‍යානුකුලව විවාහයකට ඇතුළත් නොවූ මේ යුවල දරුවන් පිරිමි දරුවන් හතර දෙනකුගේ සහ ගැහැනු දරුවන් තිදෙනකුගේ මව්පියන් වනවා. එම දරුවන්ගෙන්  හය දෙනකු මේ වන විටත් නිත්‍යානුකුලව විවාහ දිවියට ඇතුළත්ව සිටීමද විශේෂත්වයක්.