එ්කාබද්ධ විපක්ෂය සංවිධාන කළ ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවයේදී විෂ සහිත කිරිපැකට් බෙදාදීමේ සිද්ධිය පිළිබද අද දිනයේ පොලිසියට පැමිණිලි 02ක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ, ඒකාබද්ධ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය විසින්. ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ඇතුළු පිරිසක් විසින් සිය පැමිණිල්ල ඉදිරිපත් කළේ පිටකොටුව පොලිස් ස්ථානය වෙතයි.
අපි වගකිවයුත්තන් ගෙන් ඉල්ලීමක් කරනවා මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරන්න කියලා. ඒ වගේම ඒ සම්බන්ධයෙන් සියලු තොරතුරු ගෙනාපු වාහනය, වාහනයේ අංකය, වාහනය පිටත් උනු ස්ථානය වගේම අවසානයට ගිය ස්ථානය, මාර්ග ධාවන සටහන් සියල්ල අප සතුව තිබෙනවා. අපි අධිකරණයේදී ඒ සියල්ල ඔප්පු කිරීමට සුදානම්. ලබාදීපු පුද්ගලයා සම්බන්ධයෙන් තාමත් හරියට අනන්‍යතාවය ඔප්පු කරන්න බැරි උනා. ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ආරක්ෂක අංශ වහාම විධිමත් පරීක්ෂණයක් කරලා අපරාධකරුවන් අත්අඩංගුවට ගත යුතුයි. ඒ සම්බන්ධයෙන් අපි පැහැදිලි සාක්ෂි ලබාදීලා තියනවා. ඒ සාක්ෂි ඔස්සේ පොලිසියට පුළුවන් පරික්ෂණ කරලා අපරාධකරුවන් අත්අඩංගුවට ගන්න යැයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩිදුරටත් සදහන් කර සිටියා.
මේ අතර එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය වෙත පැමිණිලි කළා. අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර ද එම අවස්ථාවට එක්වුණා. මේ, එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර.