එ්කාබද්ධ විපක්ෂය සංවිධාන කළ ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවයේදී විෂ සහිත කිරිපැකට් බෙදාදීමේ සිද්ධිය පිළිබද අද පැවැති මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා. පිවිතුරු හෙළ උරුමය අද (10) කැදවූ මාධ්‍ය හමුවට එක්වෙමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල පැවසුවේ මෙම සිද්ධියට අමාත්‍ය මංගල සමරවීරගේ සම්බන්ධයක් ඇත්දැයි තමන්ට සැක පවතින බවයි.
එක්සත් ජාතික පක්ෂය අද කොටි සංවිධානයට වඩා මිලේච්ජත්වයේ පහත් තැනක සිටින්නේ අපි ඉතා කණගාටුවෙන් උනත් සිහිකරන්න ඕනේ. මේ ආණ්ඩුවේ සමහර ඇමතිවරුන්ගේ හැසිරීම නිසා ගමේ සිටින වැදගත් පාක්ෂිකයින්ටත් පහරක් බව ප්‍රකාශ කළා මන්ත්‍රිවරයා උද්ඝෝෂණයට ආහාර පාන ලබා දෙන බවට එජාපයේ ඇමතිවරුන් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයන් ගැන මෙහිදී මෙසේ සදහන් කළා.
මෙම සිද්ධිය පිළිබද පොලිසිපතිවරයා විසින් මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ කර නොමැති බවයි උදය ගම්මන්පිල මන්තී‍්‍රවරයා කියා සිටියේ.
විෂ සහිත කිරිපැකට් බෙදාදීමේ සිද්ධිය පිළිබදව එක්සත් ජාතික පක්ෂය අද කැදවූ මාධ්‍ය හමුවේදීද අදහස් පළ වුණා. මේ, එහිදී අදහස් දැක් වූ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදුකෙරන ඕනෑම පරීක්ෂණයකට සහය දීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.