Saturday, January 18, 2025

General line - 0115112241

වගා කරන බෝග රටින් පිටකිරීමේ ජාවාරම නතරකර යුතුයි - ජනපති

සනත් ගමගේ




රට තුළ වගා කළ හැකි ආහාර බෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පිට රටින් ගෙන්වීම වහාම නතර කළ යුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (10) පැවති උත්සවයක් අමතමින්. 


ගිං - නිල්වලා ව්‍යාපෘතියේ සිදු වූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවන් පිළිබදව වත්මන් රජය යටතේ ද පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවයි ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.