මුහුදු ජලයට ඉන්ධන මිශ‍්‍රවීම සම්බන්ධයෙන් ඛණිජ තෙල් තොග ගබඩා සංකීර්ණයෙන් වන්දි ඉල්ලා නඩු පැවරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය කටයුතු කර තිබෙනවා. එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර නෙත් නිවුස් පැවසුවේ මේ පිළිබඳ පොලිසියට ද පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවයි.
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට ඉන්ධන ගෙනයන නලයක් පුපුරා යාමෙන් මුහුදු ජලයට මිශ‍්‍ර වූ තෙල් තට්ටු ඉවත් කිරීමේ කටයුතු තවදුරටත් සිදු වනවා.