ති‍්‍රපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අද (10) ඇප හිමිවුණා. ඒ, ඞී ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් රුපියල් මිලියන 33ක් සාපරාධී සාවද්‍ය පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන්.
ඊට අදාළ නඩුව අද පෙරවරුවේ කැඳවූයේ සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ති‍්‍රපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේයි.
ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් 07දෙනාට වෙන්වෙන්ව රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 02 බැගින් එහිදී නියම කෙරුණා. එමෙන්ම ඔවුන්ගේ විදෙස් ගමන් ද තහනම් කිරීමටයි නියෝග කෙරුණේ.
නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ චෝදනා 07කින් යුත් අධිචෝදනා පත‍්‍රද මෙහිදී විත්තිකරුවන්ට ලබා දුන් බවයි. සිද්ධියට අදාළ නඩුව ඔක්තෝම්බර් 09වනදා යළි කැඳවීමට නියමිතයි.