ලංකා ඛණිජ තෙල් සංස්ථාව විසින් සිදු කෙරුණු ඉන්ධන මිල වැඩි කිරීමට සමගාමීව තමන් ද ඉන්ධන මිල වැඩි කරන බව ලංකා IOC සමාගම පවසනවා.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 150ක් ද ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 164ක් ද වන බවයි ඔවුන් පැවසුවේ.
කෙසේ වෙතත් ලංකා ඛණිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල වැඩි කර ඇත්තේ රුපියල් 149ක් දක්වා පමණයි. ඔවුන්ගේ ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 161ක් වනවා.
ලංකා IOC සමාගමේ ඔටෝ ඞීසල් මිල ලීටරයක් රුපියල් 123යි. සුපිරි ඞීසල් මිල ලීටරයක් රුපියල් 133ක් වනවා. ලංකා ඛණිජ තෙල් සංස්ථාව ද ඞීසල් අලෙවි කරන්නේ එම මිලටමයි.