Saturday, April 27, 2024

General line - 0115112241

රාගල ඝන කැලෑවක පුද්ගල මළ සිරුරු දෙකක්

දිනුක් හේවාවිතාරණ




රාගල, සෙන්ලෙනාඩ් උඩ කොටසේ ඝන කැලෑවක ගල් ගුහාවක් තුළ තිබී සැකකටයුතු ලෙස මියගිය 29 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු රාගල පොලිසිය විසින් සොයා ගැන තිබෙනවා.

පොලිසිය විසින් සිදුකළ විමර්ශනයන් වලදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයින් දෙදෙනා ඉකුත් 15 වෙනිදා සතුන් දඩයම් කිරීම සදහා නිවසින් පිටව ගොස් තිබෙනවා. මෙම පුද්ගලයින්ගේ මළ සිරුරු ගල් ගුහාවක තිබී හමුවූ ඇති අතර මොවුන් දෙදෙනා සමග ගිය බල්ලෙකුද එම ගුහාව තුල මියගොස් සිටියදී සොයා ගෙන ඇත.

මරණකරුවන් විසින් ඉත්තෑවන් දඩයම් කිරීම කිරීම සදහා ගල් ගුහාව තුලට දුම් ගසා පසුව ගුහාව තුලට ඇතුළු වීමෙන් පසු මෙම මරණ සිදුව ඇති බවට මෙතෙක් කරන ලද විමර්ශනයන් වලදී අනාවරණය වී තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් රාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.