Saturday, April 27, 2024

General line - 0115112241

දිස්ත‍්‍රික් 14ක වෙරළ තීරයන් සියයක් පිරිසිදු කිරීම ඇරඹෙයි




දිවයින වටා වෙරළබඩ දිස්ත‍්‍රික්ක 14ක වෙරළ තීරයන් සියයකදී වෙරළ හා සමුද්‍රීය පරිසරය පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් මේ වනවිට ආරම්භ කර තිබෙනවා. ඒ, අන්තර් ජාතික වෙරළ පවිත‍්‍රතා දිනයට සමගාමීවයි. මෙම වැඩසටහන් මාලාව ලබන 22 වනදා දක්වා ක‍්‍රියාත්මක කරන බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ.

ඒ සඳහා රාජ්‍ය ආයතන මෙන්ම ත‍්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් සංවිධාන හා විශ්ව විද්‍යාල මෙන්ම පාසල් සිසුන්ගේද දායකත්වය ලබාගනු ඇති. ඉකුත් වසරේ දිවයින වටා සිදු කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන්වල ප‍්‍රගතිය අනුව ශ‍්‍රී ලංකාව සියලූ රටවල් අතරින් 16 වන ස්ථානයට පත්වුණා.